Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th April 2017 08:23:24 Hours

ලැබුවාවූ 2017 අලුත් අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !

ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව අවුරුදු පණිවිඩය පහතින් දැක්වේ ;

වර්ෂ 2017 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලබන සුභාශිංසනය

ශ්‍රී ලංකාවාසී සියලූම සිංහල හා දමිළ ජනතාව විසින් චිරාගත සම්ප්‍රදායානුකුලව සමරනු ලබන, සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සමාජිකයන් වන ඔබ සැම වෙත, මාගේ හදපිරි සුභාශිංසනය මෙසේ පිරිනමමි.

ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ හා පෙරදිග තාරකා විද්‍යාවේ පිළිගැනීමට අනුව, සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සම්ප්‍රාප්තවීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවේ. ඒ අනුව, මෙම උත්සවය සැමරීමේදි වඩ වඩාත් සංකේතවත් වන්නේ මිනිසා හා සොබාදහම අතර පවතින අවියෝජනීය බැඳීමයි. එමෙන්ම, මෙම සුවිශේෂි සංස්කෘතික මංගල්‍යයේ ප්‍රධානතම අරමුණ බවට පත්වන්නේ, දොළොස් මසක් ගෙවී, තමන් වෙත එළඹෙන්නාවූ අලුත් අවුරුද්ද, වඩාත් යහපත් අයුරින් ගතකිරීමට අවැසි අඩිතාලම සකසා ගැනීමයි.

ඒ සඳහා මුළු රටම එකම මොහොතක, එකම සුබ මුහුර්තයක පිහිටා සිය ආගමික වතාවත්හි යෙදෙමින් කටයුතු කරනු ලැබේ. විශේෂයෙන්ම, එකා වන්ව එක අරමුණක් වෙනුවෙන්, එකම මොහොතක කටයුතු කිරීමේ වැදගත්කම එහිදී සමස්ත සමාජය වෙතම අවධාරණය කරයි. එමෙන්ම, කිසිදු ජාති, වර්ග, කුල භේදයකින් තොරව සෑම ජනකොටසක්ම සමානාත්මතාවෙන් යුතුව ජිවත්වීම සඳහා මෙමඟින් සුවිශේෂි පිටුබලයක් සපයන අතර, එය අලුත් අවුරුද්දේ සැබෑ පරමාර්ථයද වෙයි.

ඒ අනුව, එම පරමාර්ථය අද වන විට රටේ සියලුම පුරවැසියන් හට යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබී ඇති අතර, ඒ සඳහා අවැසි සාමකාමී පසුබිම රට තුළ නිර්මාණය කරමින්, ඉතිහාසය පුරාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. එළඹෙන ඉදිරි කාලපරිච්ඡේදය තුළදීද, එම කාර්යභාරය මැනවින් ඉටු කරමින්, රටේ ජන ජිවිත සුරක්ෂිත කරලීම උදෙසා අප වඩ වඩාත් ඇප කැප විය යුතු අතර, එතුළින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි ජන හදවත් තුළ පවතින විශ්වාසනීයත්වය, තවදුරටත් සුරක්ෂිත කරගැනීමට හැකි වනු ඇති බව මේ මොහොතේදී අවධාරණය කරමි.

දේශයට වැඩදායී විනයගරුක සෙබළ පිරිසක් ලෙස මේ වන විට ඔබ ලබා ඇති ගෞරවය හා ප්‍රණාමය, තවදුරටත් වර්ධනය කරගනිමින්, පැවරෙන රාජකාරීන් නොපැකිළව ඉටු කිරීම සඳහා අවැසි සියලු ශක්තිය, ධෛර්ය හා වාසනාව, මෙම අලුත් අවුරුදු උදාවේදී ඔබ වෙත නිරතුරු ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර, දේශයේ ස්වෛරීත්වය වෙනුවෙන් සටන්වැද, ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත්, රණක්ෂිතයට පත්ව මේවන විට ප්‍රතිකාර ලබමින් සිටින සියලුම රණවිරුවන් හට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි.

එසේම, රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ පවුල්වල දුවාදරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්ටත්, අද වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සුවිශාල සේවාවක් ඉටු කරමින් සිටින සියලූම රණවිරුවන් හා සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයන්ටත්, ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු පවුලේ සියලුදෙනාටමත්, ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට හා සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි, ප්‍රාර්ථනා කරමි.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

Sport media | Nike Air Max 270