Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2020 07:58:07 Hours

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 37 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් කරා පිටත්ව ගිය බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 87 ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළඟින් ඇසුරු කළ අයවළුන් වේ.

අද (20) දින උදෑසන වන විට මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,164 ක් වේ. ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි පුද්ගලයින් 1,123 දෙනා එම කම්හලේ සේවකයන් ආශ්‍රිතයින් වේ.

අද (20) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 04 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (20) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 72 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙක්, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙක්, හොටෙල් ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙක්, කායා වෙල්නස් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 10 ක්, ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙක්, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 04 ක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 11 ක්, සේලන්ඩ් ලොඩ්ජ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 20 ක් සහ දියගම ක්‍රීඩා සංකීර්ණ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 23 ක් වශයෙන් වේ.

අද (20) දිනය වනවිට පුද්ගලයින් 55,073 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (20) දිනය වනවිට යුද්ධ හමුදාවෙන් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 65 ක්, නාවික හමුදාවෙන් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 07 ක් සහ ගුවන් හමුදාවෙන් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් වශයෙන් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 76 ක් තුළ පුද්ගලයින් 8,623 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති. ඊයේ (19) දිනය තුලදී PCR පරික්‍ෂණ 6,873 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 391,060 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (20) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 37 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් 37 දෙනා අතරින් 20 දෙනෙකු විදේශිය රටවලින් මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයින් 17 දෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල පොකුරට අයත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. Nike air jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ