Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2020 16:51:06 Hours

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී දෙරටෙහි දිගුකාලීන බැඳීම් සවිමත් කරමින් හෙට දින (03) මෙරටෙහි සංචාරයක

(මාධ්‍ය නිවේදනය)

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) වසර 45 ක සේවා කාලයක් සපුරා ඇති මෙන්ම පදක්කම් 09 කින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර ශ්‍රී ලංකා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකරන ලද ආරාධනයක් මත හෙට (3) දින පස්දින සංචාරයක් සඳහා දිවයිනට සම්ප්‍රාප්ත වීමට නියමිතය.

මෙම සංචාරය සඳහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟින් තවත් නිලධාරින් තිදෙනෙකු මෙන්ම රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානිගේ භාර්යාව වන ඔලෙග් සලියුකොව් මහත්මිය ද සහභාගී වනු ඇත.

මෙම සංචාරය අතරතුර දී මෙම නියෝජිතයින් අතිගරු ජනාධිපතිතුමන් හමුවීම, අගමැතිතුමන් හමුවීම, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීම, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් හමුවීම, ජයවර්ධනපුර යුද්ධ හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය නිරීක්‍ෂණය ආදී විශේෂ කර්තව්‍යයන් රැසක් සිදුකිරීමට නියමිතය.

මෙම ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරි වෙත වඩාත් ගෞරවයක් හිමිකර දෙමින් පෙබරවාරි මස 04 දින නිදහස් චතුරස්‍රයේ දී පවත්වනු ලබන 72 වන නිදහස් දින පෙළපාලියෙහි විශේෂිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට ද ශ්‍රී ලංකාව මඟින් අවස්ථාව ලබා දී ඇත.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර සබැඳියාව වසර 62 ක් පුරා දිවයන අතර මෙම සම්බන්ධතාවය මූලිකවම 1957 පෙබරවාරි මස 19 දින ස්ථාපිත වන ලදී. දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා බොහෝමයක් බොහෝ ක්ෂේත්‍ර වටා නිර්මාණය වී ඇති අතර ඒ තුලින් ආර්ථිකමය සංවර්ධනයක් සහ ශක්තිමත් ආර්ථික පදනමකට මංපෙත් සකසයි. එමෙන්ම දෙරට අතර අධ්‍යාපන, සමාජමය, සංචාරක කර්මාන්තය හා මත්ස්‍ය කර්මාන්තය ආදී ක්ෂේත්‍රයන් හී මනා සම්බන්ධතාවයක් ඇත්තේය.(නිමාව) Best Nike Sneakers | Nike News