Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2020 15:24:14 Hours

රුසියානු ජනරජ භූම් මෙහෙයුම් ප්‍රධානී, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු ජනාධිපතිතුමන් හමුවේ

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ඇරයුමක් පරිදි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකෝව් (Oleg Salyukov) අද (5) දින සන්ද්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හමුවි සුහද පිලිසඳරක නිරත විය.

එහි සපැමිණි රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබදතාවයන් හා එහි මතකයන් පිළිබඳව කතිකා කළහ.

එහිදි අවශ්‍ය සෑම මොහොතකම රුසියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහය පිළිබඳව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් කෘතඥතාවය පළකරමින් දෙරට අතර පවතින මිත්‍රත්වය පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

මෙම සුහද හමුව අවසානයේ රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානි විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත සුහදතාවය සහ මතකයෙහි සංකේතයක් ලෙස විශේෂ සමරු තිළිණයක් පිරිනමනු ලැබීය. Nike shoes | New Releases Nike