Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2018 19:11:54 Hours

රාගම මූලික යුද්ධෝපකරණ ගබඩා පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ

රාගම, මූලික යුද්ධෝපකරණ ගබඩා කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ ආගමික උත්සවය බ්‍රහස්පතින්දා (28) දින පවත්වනු ලැබීය.

පූජ්‍ය තුරුවිල විමලධම්ම නායක හිමි ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාගේ පිරිත් සඡ්ඡායනාව සහ ආශීර්වාද මධ්‍යයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරනු ලැබීය. රාගම යුද්ධෝපකරණ ගබඩාවේ සියලුම නිලයින්ගේ පරිත්‍යාගයෙන් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකරනු ලදි.

සෙත්පිරිත් සඡ්ඡායනාව මධ්‍යයේ සුභ මොහොතින්, රාගම යුද්ධෝපකරණ ගබඩාවේ සේනාවිධායක කර්නල් සී.යු. මාරසිංහ විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළහ.

මෙම අවස්ථාවට නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

best shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ