Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2023 10:40:10 Hours

රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.

ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.