Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2017 16:15:27 Hours

රණවිරු සම්පත් කේන්ද්‍රය සිව්වන වසර සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම ඒකකයන්ට අයත් රණක්ෂිතයට පත් රණවිරුවන් හට වෘත්තිය පුහුණුව ලබාදිම වෙනුවෙන් ආරම්භ කළ හැදල පිහිටි රණවිරු සම්පත් කේන්ද්‍රය 2017 මැයි 24 වන දින සිය සිව්වන සංවත්සරය සමරනු ලබයි.

සංවත්සර වැඩසටහන ආගමික කටයුතු සඳහා ප්‍රමුඛත්වය දෙමින් කැලණි රජමහා විහාරයේ පැවති බෝධිපුජා පිංකමකින් ආරම්භකළ අතර, කටාන වැඩිහිටි නිවාසයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබුහ.

සංවත්සර දිනයේදී එහි සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.එම් මනතුංග හට හමුදා සම්ප්‍රදානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබු අතර, එමෙන්ම රණවිරු සම්පත් කේන්ද්‍ර පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ සේනාවිධායකවරයා අනතුරුව සියලු නිල තේපැන් සංග්‍රහයකට සහ සමුහ ඡායාරූපයකටද සහභාගි විය.

සංවත්සර වැඩසටහනේ අවසන් අදියරේ දී සේනාවිධායක, කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම නේවාසිකයින් ධර්ම දේශනාවක් සඳහා සහභාගි වු අතර, පසුදින සංඝයා වහන්සේලා දස නමක් විෂයෙහිලා දානමය පිංකමක් සංවිධානය කරනු ලැබීය.

මේ වනවිට රණවිරු සම්පත් කේන්ද්‍රය විසින් ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම, ඇලුමිනියම් පිරිසැකසුම් ශීල්පි පාඨමාලාව, උද්‍යාන අලංකාර කිරීම, ජංගම දුරකථන අලුත්වැඩියාව, පරිඝණක අලුත්වැඩියාව, කොණ්ඩා සැකසුම් ශිල්පය සහ ත්‍රිරෝද රථ අලුත්වැඩියාව වැනි පාඨමාලාවන් පවත්වනු ලබයි.

trace affiliate link | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD