Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2017 19:00:09 Hours

රණක්ෂිතයට පත් යුද්ධ හමුදා විරුවන්ගේ කලාත්මක හැකියාවන් ප්‍රදර්ශනයට

යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද්ධයෙන් තුවාල ලැබූ රණවිරුවන් 50 කට වැඩි පිරිසකගේ සහජ කලාත්මක කුසලතාවයන් එළි දැක්වෙන අත්කම්, කලාත්මක චිත්‍ර සහ මුර්ති ප්‍රදර්ශනයක් නොවැම්බර් මස 01 සහ 02 කොළඹ 07 ජේ.ඒ.ඩි. පෙරේරා කලාගාරයේ දී පැවැත්විමට නියමිතය.

යුද්ධයෙන් තුවාල ලැබ පෙනිම අහිමි වූ සහ දුර්වල වූ, අත් පා අහිමි ඇඳන් මත විවිධ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින මෙම විරෝදාර රණවිරුවන් විසින් මහත් පරිශ්‍රමයකින් යුතුව විශිෂ්ඨ ලෙස නිර්මාණය කර ඇති අත්කම් සහ කලා නිර්මාණ රටේ ප්‍රසිද්ධ කලාගාරයකදී මහජන ප්‍රදර්ශනයට තැබෙන පළමු අවස්ථාව මෙයයි.

යුද්ධ හමුදාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරුසු ගේ සුපරික්ෂාවෙන් වත්තල, රණවිරු සම්පත් කේන්ද්‍රයේ සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් මෙම අත්කම් හා කලා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

මැටි, උණබට, තල්, මල්, කඩදාසි, ශාක පත්‍ර, බීජ, පන් සහ වේවැල් භාණ්ඩ, මූර්ති සහ විවිධ කලා නිර්මාණ ඇතුලත් මෙම ප්‍රදර්ශනය බදාදා දින පස්වරු 7.00 ට ආරම්භවිමට නියමිත අතර, බ්‍රහස්පතින්දා (02) දින පෙරවරු 9.00 ට ආරම්භ වී රාත්‍රි 10.00 දක්වා පැවැත්විමට නියමිතය.

Sports brands | adidas NMD Human Race