Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

20th May 2020 21:28:11 Hours

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට දුම්රිය මගීන් ආචාරය පුද කරයි

ජාතික රණවිරු අනුස්මරණ දිනයේ (මැයි 19) වෙරළබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය දෙකක මගීන්, ජාතික කොඩිවලින් දුම්රිය මැදිරි අලංකාරවත් කර ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතායක් ආරක්‍ෂා කර ත්‍රිවිධ හමුදා රණවිරුවන් සිදුකළ වටිනා ජීවිත පරිත්‍යාගය කෙරෙහි ඔවුන් දක්වන ඉහළ ගෞරවය හා කෘතඥතාවය පුද කළහ.

මේ අනුව පෙරවරු 07.10 ට පානදුර සිට කොළඹ කොටුව දක්වා ගමන් කළ දුම්රියේ සහ පස්වරු 04.50 ට කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා වූ ගමන් කළ දුම්රියේ සිටි මගීන් රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට සිය ගෞරවාචාරය දැක්වූහ. දුම්රිය තුළ ගමන්ගත් මගීන් අතරින් බහුතරයක් රාජ්‍ය සේවකයින් සහ පෞද්ගලික අංශයේ සේවකයින් වන අතර සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍යාරක්‍ෂක උපදෙස් පිළිපදිමින් මෙම රණවිරු අනුස්මරණ කටයුතු සිදු කළහ. මෙම රණවිරු අනුස්මරණ කටයුතු සිදුකරන අවස්ථාවේදී කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කරගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය වෙනුවෙන් ඔවුන් සිය උපහාරය මේ අයුරින් පද කළහ.