Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th January 2017 14:13:31 Hours

යුද හමුදා වර්ණ රාත්‍රිය - 2016 පැවැත්වීමට සුදානම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිය සහ විශිෂ්ඨත්වය විදහාපාමින් වාර්ෂිකව පවත්වනු ලබන ‘යුද හමුදා වර්ණ රාත්‍රිය - 2016’ සිකුරාදා (27) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.

මෙම වාර්ෂික උත්සවයේ දී 2015 - 2016 වර්ෂයන් හි යුද හමුදා ක්‍රීඩා තරු ජාතික මෙන්ම අන්තර් ජාතික මට්ටමෙන් ලබා ගන්නා ලද කුසලතා අගය කරමින් ‘යුද හමුදා වර්ණ රාත්‍රිය’ සැණකෙලිය පවත් වන අතර, එහිදී අන්තර් යුද හමුදා මට්ටමින්, රෙජිමේන්තු මට්ටමින්, ආරක්ෂක සේවා මට්ටමින්, ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් තෝරා ගන්නා ලද ක්‍රීඩා ඉසව් 35 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1045 දෙනෙකුගේ කුසලතා අගය කරමින් මෙම සම්මාන පිරිනැමේ. එමෙන්ම සංකේතාත්මකව තෝරා ගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනෙකු සඳහා නෙළුම්පොකුණ රඟහලේ දී සම්මාන පිරිනැමේ.

2015 - 2016 වර්ෂයන් හිදී ඔවුන් දුනු විදීම, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බේස් බෝල්, පැසි පන්දු, බොක්ෂිං, ක්‍රිකට්, බයිසිකල් ධාවන තරග, පැරා දුනු විදීම, පැරා බර ඉසිලීම, පැරා මලල ක්‍රීඩා, පැරා රෝද පුටු ධාවන තරග, අත් පන්දු, හොකී, ජුඩෝ, කබඩි, කරාතේ, මෝටර් රථ ධාවන තරග, බර ඉසිලීම, සවි එසවීම, රගර්, ඔරු පැදීම, වෙඩි තැබීම, පාපන්දු, පිහිනුම්, මේස පන්දු, ටයිකොන්ඩෝ, මල්ලවපොර, වුෂු සහ වොලිබෝල් යන තරගවලින් දක්ෂතා දක්වා ඇත.

Sport media | jordan Release Dates