Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2017 14:03:24 Hours

යුද හමුදා කණ්ඩායම් දෙකක් PATS – 2017 තරඟාවලිය සහභාගිවීමට දිවයිනෙන් පිටත් වේ

ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් දෙවන වරට පවත්වනු ලබන ‘Pakistan Army Team Spirit (PATS)’ තරඟාවලිය - 2017 සඳහා සහභාගිවීමට අද (27) දින සන්ධ්‍යාවේ දිවයිනෙන් පිටත්ව විය. මෙම තරඟාවලිය මාර්තු මස 31 සිට අප්‍රේල් මස 8 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම තරඟාවලිය වාර්ෂිකව පැවැත්විමේ අරමුණු වන්නේ සෙබලුන්ගේ ශාරීරික යෝග්‍යතාවය, උපාය මාර්ගික කුසලතා සහ ගුණාංග ප්‍රවර්ධනය, ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් වලදි භාවිතාවන සුළු පරිමාණයේ උපක්‍රම හා රණබිම් ක්‍රමවල දැනුම බෙදා හදා ගැනිම සහ සහභාගි වන රටවල් අතරේ සහයෝගිතාවය හා ඒකාබද්ධ පුහුණුව වර්ධනය කර ගැනිම යන කරුණු වේ.

මෙම තරඟාවලියට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට, පකිස්තානු හමුදාව විසින් ආරාධනා කරනු ලැබූ දෙවන අවස්ථාව මෙය වන අතර, පසුගිය වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට සමස්ත තරඟාවලියේ රිදී පදක්කම හිමිවිය. ජනවාරි මස 3 සිට 6 දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට අවශ්‍ය මුලික සාකච්ඡා රටවල් 17 ක නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පකිස්තාන යුද හමුදා මුලස්ථානයේ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ දී පවත්වන ලදි. පසුගිය වසරේ ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව මෙම තරඟාවලිය සඳහා සුදානම්විමේ සියලු කටයුතු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් පාබල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පවරන ලදි.

කණ්ඩායම් කළමනාකරු, කණ්ඩායම් නායක, කණ්ඩායම් උපනායක, කණ්ඩායම් කොමිෂන් නොලත් නිලධාරී, රෙඩියෝ ක්‍රියාකරු, රයිෆල් සෙබලුන් දෙදෙනෙකු සහ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු ඇතුලුව 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම, පැය 72ක අභියෝගාත්මක කාලසීමාවක් තුල තරඟ ඉසව් 28 ක් සඳහා මුහුණදිය යුතුවේ.

තවද, ශ්‍රි ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ද තරඟාවලියේ නිරික්ෂණ කටයුතු සඳහා දායකත්වය ලබාදෙයි. ඒ අනුව චිනය, ඊජිප්තුව, ජර්මනිය, ඉරානය, ඉන්දුනිසීයාව, ජෝර්දානය, මලයාසීයාව, නයිජිරියාව, රුසියාව, තුර්කිමේනිස්තානය, උස්බෙකිස්තානය, තුර්කිය, එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය යන රටවල තරඟකරුවන් සහ නිරික්ෂකයින් PATS-2017 තරඟාවලිය සඳහා සහභාගි වේ.

ඇඳුම් කට්ටල පරික්ෂණය (Kit Inspection), සංඥා සම්බන්ධතා පරික්ෂණය (Signal Communication Test), විවිධ ආයුධ සහ සටන් උපකරණ හඳුනාගැනීම (Recognition of Various Weapons and Combat Equipment) ආදිය මඟින් මෙහි තරඟ ඉසව් ආරම්භ වන අතර, කඳවුරකට රහසේ ඇතුලුවිමේ මෙහෙයුම් සඳහා වාචික නියෝග (Verbal Orders for Infiltration Operation), රහස් මෙහෙයුම්/රාත්‍රියේ ගමන් කිරිම/නිරික්ෂණය (Infiltration Operation / Night Navigation/Observation ) , Dealing with Strangers, සැඟවුණු ස්ථානයකට පහරදිමේ සරඹ (Occupation of Hide Out and Related Drills), ගුවන්යානා ගොඩබැස්විමේ ස්ථාන ලකුණු කිරිම සහ ගොසබැස්විමේ සරඹ, (Marking of Landing Zone and Helicopter Landing Drills), වෙඩිපත් ඉලක්ක කර ගැනිමේ ක්‍රියා පිළිවෙත (Artillery Target Grid Procedure), ඉලක්කපත් හැදින්විම (Indication of Target), Dog Evasion, යුද සිරකරුවන් පරිහරණය කිරිමේ පිළිවෙත (Prisoner of War Handling), (Quick Battle Orders for Close Target Reconnaissance), (Exfiltration) සමිප ඉලක්කපත් පිරිසුම් සරඹ, (Close Target Reconnaissance Drill) රැක සිට පහරදිම සහ රැක සිට පහරදිම වැළැක්විමේ සරඹ ( Ambush /Anti Ambush Drills), ප්‍රථමාධාර ලබාදිම (First Aid), Dealing with Helicopter Crash, බිම්බෝම්බ ඉවත් කිරිමේ සරඹ (Mine Field Clearance Drills), ඉලක්කපත් පිරිසුම් වාර්තා සැකසිම (Preparation of Target Reconnaissance Report), Rope Rappelling, Exfiltration Operation, වේගවත් පා ගමන (Speed March), අහඹු පරික්ෂණ (Surprise Tests), වෙඩිතැබිම (Firing), න්‍යෂ්ඨික ජිව රාසායනික අවි වලින් ආරක්ෂාව (Nuclear Biological Chemical Defence (NBCD), පහරදිමේ ක්‍රම (Assault Techniques), ජල බාධක තරඟය (Crossing of Water Gap / Obstacle Crossing), යන ඉසව් පැය 72 තුළ පැවැත්වෙන අතර ඇඳුම් කට්ටල පරික්ෂණයෙන් (Kit Inspection) තරඟය ඉසව් අවසන් වේ. තරඟාවලිය පිළිබඳව පසු කථනයකින් තරඟාවලිය නිමවේ.

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති තෝරා ගැනිම් තරඟවලදී ශ්‍රී ලංකා යුද හමුදාවේ අනෙකුත් සියලුම පාබල රෙජිමේන්තු අභිබවමින් ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම දක්ෂතම කණ්ඩායම බවට පත්විය.

වැඩි විස්තර සදහා

PATS -2017 තරඟාවලියට සහභාගි වු යුද හමුදා කණ්ඩායමට රිදී පදක්කම් දෙකක්

Sportswear Design | NIKE