Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th December 2023 19:34:05 Hours

යුද්ධ හමුවේ මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ සහභාගීත්වයෙන් සුහද පාපන්දු තරඟාවලියක්

හමුදා - සිවිල් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ භටපිරිස් මූලිකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ ක්‍රීඩා සමාජ සහභාගීත්වයෙන් සුහද පාපන්දු තරඟාවලියක් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින 51 පාබල සේනාංක ‘CIMIC’ උද්‍යාන ක්‍රීඩා පිටියේදී සංවිධානය කරන ලදී.

තරගාවලිය සඳහා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම් 04ක් ඇතුළුව දේශීය ක්‍රීඩා සමාජ කණ්ඩායම් 12 ක් සහභාගි වූහ. තරඟාවලියේ ශූරතාවය උදයසූරිය පාපන්දු කණ්ඩායමත් අනුශූරතාවය ස්ටාර් පාපන්දු සමාජ කණ්ඩායමත් හිමිකර ගත්හ.

කනිෂ්ඨ කාණ්ඩයේ ශූරතාව තිරුකුමාරන් කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමත් අනුශූරතාව ඇනා ස්ටාර් කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමත් හිමිකර ගත්හ.

අවසන් තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී සහභාගී වූ අතර, එහිදී එතුමන් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ මුදල් ත්‍යාගයන් ප්‍රදානය කරනු ලැබීය.

51 පාබල සේනාංකයේ ඉල්ලීමකට අනුව මෙහිදී දානපතියන් පිරිසක් විසින් මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

අවසන් තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.