Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2017 22:24:15 Hours

යුද්ධ හමුදා 68 වන සංවත්සර ආශිර්වාද ඉස්ලාමීය ආගමික යාඥා ජූම්මා මුස්ලිම් පල්ලියේ දී

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රමුඛ නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් 68 වන යුද හමුදා සංවත්සර දිනයට සමගාමීව බදාදා (04) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ දී යුද්ධ හමුදාවට ආශිර්වාදය පතා ඉස්ලාමීය ආගමික යාඥාවන් පවත්වන ලදී.

ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ පිවිසුම අභියස දී යුද්ධ හමුදාපතිතුමා ඇතුළු පිරිස, සාමය සහ සංහිදියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මවුලවි අස්-ෂෙයික් මුනීර් මුලාෆර් (නලීමි) සහ යුද්ධ හමුදා ඉස්ලාම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ෆාරිස් යුසුෆ් ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගන්නා ලදී. ත්‍රයි භාෂා පිළිගැනීමේ දෙසුමේ දී යුද්ධ හමුදා සංවත්සර සැමරුම් වෙනුවෙන් ඉස්ලාමීය ආගමික යාඥාවන්හි වැදගත්කම පැහැදිලි කරදෙන ලද අතර, ආගමික සම්ප්‍රදායානුකුලව සැරසු දේවස්ථාන භූමිය තුල අනතුරුව යාඥා මෙහෙයන් ආරම්භ කරන ලදී.

රටේ අභීවෘද්ධිය වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් සිදු කරන ලද අපරිමිත මෙහෙය අගයමින් ඉස්ලාමීය ආගමික චාරිත්‍රානුකූල ‘බයාන්’ (ආගමික දේශණය) පවත්වමින් යුද්ධ හමුදා ධජයන්ට සහ යුද්ධ හමුදාවට ආශිර්වාද පිරිනමන ලදී. ඉමාම් මවුලවිතුමන් සහ අෆ්ලාල් හාෆීස් විසින් විශේෂ ස්තෝත්‍ර යාතිකා සහ කිරාත් (Qirath) යාඥාවන් ද ඉමාම් මවුලවිතුමන් සහ ගරු අස්වික් රිස්වාන් විසින් ‘දුආ’ (Dua) ආශිර්වාද යාඥාවන් ද පිළිවලින් පවත්වා ආශිර්වාද ලබාදෙන ලදී. ආගමික උත්සවය අවසානයේ දී යුද්ධ හමුදාධිපති තුමන් ඉස්ලාමීය පූජනීය ස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයක් ද සිදුකල අතර, සාමය සංහිදියාව පිළිබඳව අදහස් ද හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම ආගමික උත්සවය සඳහා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන මුස්ලිම් සාමාජිකයින් සහ සිවිල් ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියහ.

ආගමික උත්සවය අවසානයේ දී ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අන්නෝන්‍ය සුහදතාවය සහ අවබෝධය සනිටුහන් කරමින් කොල්ලුපිටිය ජුම්මා පල්ලියෙහි භාරකාර මණ්ඩලයේ සභාපති අල්හාජ් එම් කලීල් මොහොමඩ් වෙත සමරු තිළිණයක් පුද කරන ලද අතර, ජුම්මා පල්ලියෙහි භාරකාර මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති අල්හාජ් මුස්ලිම් සලාහුදීන් ද පෙරලා යුද්ධ හමුදාපතිතුමන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදි.

අද දින පැවති මෙම උත්සවය 68 වන යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලැබු සිව්වන ආගමික උත්සවය වන අතර, මීට පෙර මහනුවර දළදා මාළිගාව, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස සහ බොරැල්ල ක්‍රිස්තියානි දේවස්ථානයේ දී මෙවැනි යුද්ධ හමුදාවට සහ ධජයන්ට ආශිර්වාද හා සෙත්පතා ආගමික උත්සවයන් සංවිධානය කර තිබුණි.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Sneakers Store | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ