Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2020 13:06:46 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ජන අවන්හලෙහි නව මුළුතැන්ගෙයි පරිශ්‍රය විවෘත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් කලමනාකරණය කරනු ලබන යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි සහනදායි මිලට ආහාර සපයනු ලබන ජන අවන්හලේ කාර්ය මණ්ඩලය විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස එහි ප්‍රධාන අවශ්‍යතාවයක්ව පැවති මුළුතැන්ගෙයි පරිශ්‍රය කඩිනමින් ඉදිකර ඉකුත් සිකුරාදා (31) දින ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක මාණ්ඩලික සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් එන්.ආර් ළමාහේවා විසින් විවෘත කරන ලදී.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි, සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ මාර්ගෝපදේශකත්වය මත එම ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය සම්පත් මිලදී ගැනීමකින් තොරව ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් විසින් එහි ඉදිකිරීම් කටයුතු නිම කර ඇති අතර එම මුළුතැන්ගෙයි පරිශ්‍රය තුළ කඩිනමින් ආහාර පිසීමේ කටයුතු සිදු කිරීමේ හැකියාව ද පවති. යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සාමාජිකයින් 2500 කට අධික පිරිසක් මෙම ජන අවන්හලෙන් සපයනු ලබන සහනදායි ආහාර පරිභෝජනය කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. Running sports | Nike