Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2019 20:08:48 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් ‘බුද්ධි තොරතුරු’ හදුනාගැනීම පිළිබඳ දැනුවත් කරයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ සංකල්පයකට අනුව 1 වන සන්නද්ධ බුද්ධි බලකාය විසින් නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් ඒකක බුද්ධි පාඨමාලාවක් පවත්වනු ලැබීය.

2019 ජුලි මස 29 දින සිට 2019 අගෝස්තු මස 10 වන දින දක්වා සහ 2019 අගෝස්තුම මස 20 සිට 31 දින දක්වා නිලධාරි සහ සෙසුනිල වශයෙන් අදියර දෙකක් යටතේ මෙම පාඨමාලාව පැවැත්විණි. නිලධාරී පාඨමාලාව සඳහා නිලධාරීන් 30 ක් සහභාගී වූ අතර සෙසුනිල පාඨමාලාව සඳහා සෙසුනිලයින් 93 ක් සහභාගි වූහ.

මෙම ඒකක බුද්ධි පාඨමාලාවට මූලික බුද්ධිය, බුද්ධි චක්‍රය, ප්‍රශ්න කිරීම්, සුපරීක්‍ෂාව, ආරක්‍ෂාව සහ හමුදා බුද්ධි අංශයට අදාළ තවත් බොහෝ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ සිසුන් දැනුවත් කිරීම සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික සැසි ඇතුළත් විය. url clone | adidas Yeezy Boost 700 , Ietp