Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2019 11:40:56 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් සිය ගණනක් ‘මානසික ආතතිය’ පිළිබඳ දැනුවත් කෙරේ

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන ගේ ඉල්ලීමකට අනුව ප්‍රජා සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය කමල් එස්. ජයසේකර මහතා සමඟින් ධනංජය නනායක්කාර මහතා සහ සුරංගි කොඩිතුවක්කු මහත්මින් විසින් මෙහෙවනු ලැබු ‘මානසික ආතතිය හා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 56, 61 හා 62 වන සේනාංක සහ ඉදිරි නඩත්තු පෙදෙස -උතුරු මැද යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 700 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් සිකුරාදා (30) දින පවත්වන ලදී.

වර්තමාන සමාජයේ තරඟකාරී ප්‍රවණතා හමුවේ මානසික ප්‍රශ්න කෙරෙහි තීරණාත්මක පැතිකඩක් ඔස්සේ අවධානය යොමු කළ 21 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සමඟින් සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම දේශනය සංවිධානය කරන ලදී. වන්නි ආරක්‍ෂක සේනා බලප්‍රදේශයේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මනස නිරවුල් කර යහපත් සිතුවිලි තුලින් අභියෝග ජයගැනිමට පෙළඹවීම අරමුණු කරගනිමින් මෙම දේශනය පැවැත්විණි. short url link | Women's Designer Sneakers - Luxury Shopping