Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2017 20:52:04 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පැවැත් වූ පැළ තවාන් ශිල්පීය පාඨමාව

තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පැවැත් වූ ත්‍රෛමාසික පැළ තවාන් ශිල්පය පිළිබඳව පාඨමාලාව සිකුරාදා (30) දින අවසන් විය.

‘අපි වවමු - රට නගමු’ ජාතික වැඩසටහනට සමගාමිව ආරම්භ කළ මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු සහභාගි වූ අතර, මෙහිදි පැළ සිටුවිම සහ තවාන් ශිල්පය පිළිබඳ ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක දැනුමක් ලබාදෙන ලදි.

සිකුරාදා (30) දින අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු ආයතනයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ, අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු ආයතනයේ අතිරේක අධ්‍යක්ෂිකා උත්පලා සමරකොන් මහත්මිය, එම ආයතනයේ සහකාර අධ්‍යක්ෂිකා ප්‍රියංගිකා මහත්මිය සහ වල්පිට කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂිකා ශාන්ති රණසිංහ මහත්මිය ඇතුලු නිලධාරීන් ද සහභාගි වූහ.

Nike Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092