Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2020 19:42:22 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය පිරිසිදු කරයි

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී ඇති බැවින් ශ්‍රී පාදයට පිවිසෙන මාර්ග කිහිපයක් පිරිසිදු කිරීම සඳහා ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් ඉකුත් සඳුදා (20) දින බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු 8 වන ගැමුණු හේවා බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ආරම්භ කරන ලදී.

මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන එරත්න ප්‍රදේශය හරහා පලාබද්දල - ශ්‍රී පාද මාර්ගයන් ආරම්භ වු අතර ඒ සඳහා එක් නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 36 දෙනෙකු එක්වුහ.

මෙම ව්‍යාපෘතිය 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය සහ 8 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරීගේ සහයෝගය යටතේ සිදුකරන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදෙස් පරිදි මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සිදු කරන ලදී. Running sports | Air Jordan