20th April 2021 18:03:28 Hours
මන්නාරමේ පිහිටි 54 වන සේනාංකයේ බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව අඟහරුවාදා (20) දින ක්‍රියාත්මක වූ භටපිරිස් පූනරින්, පල්ලිකුඩා වෙරළ තීරයේ පඳුරක සඟවා තිබූ රුපියල් මිලියන 55.7 ක වටිනාකමකින් යුත් කිලෝ ග්‍රෑම් 185.575 ක් බරැති කේරළ ගංජා පාර්සල් 86 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම ජාවාරම්කරුවන් ධීවර බෝට්ටුවල ආධාරයෙන් කේරළ ගංජා තොගයක් ඉන්දියාවේ සිට වෙඩිතලතිව් වෙරළබඩ ප්‍රදේශයට ප්‍රවාහනයකරනු ලබන බවට බුද්ධි අංශ සාමාජිකයින් වෙත මුලික තොරතුරු ලැබී ඇති අතර මන්නාරම ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ මෙහෙයුම් දියත් කරමින් සිටින බැවින් ජාවාරම්කරුවන් මෙම තොගය ගොඩබෑමේ ස්ථානය වෙනස් කොට ඇත.
කෙසේවෙතත්, යුද්ධ හමුදා සාමාජිකයින් සිය මෙහෙයුම් දියත් කරමින් වෙඩිතලතිව් වෙරළ තීරයේ ගොඩබෑමේ ස්ථාන වටා සෝදිසි මෙහෙයුමක් දියත් කළහ. එහිදී, ලඳු කැලෑවක් තුළ තිබී මෙම ගංජා තොගය සොයාගනු ලැබිණි.
යුද්ධ හමුදා භටපිරිස් රුපියල් මිලියන 55.7 ක වටිනාකමකින් යුත් මෙම පාර්සල් 86 වැඩිදුර පරික්‍ෂණ සඳහා කිලිනොච්චි පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදී ඇත. සිද්ධිය සම්න්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මෙම වසරේ මුල් මාස හතර තුළ යුද්ධ හමුදා භටපිරිස් විසින් නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම, කහ ජාවාරම ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් සබැඳිව සෝදිසියෙන් සිටි අතර අත්අඩංගුවට ගැනීම් රැසක් සිදුකර ඇත.