Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2019 17:30:47 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් පුරාවිද්‍යා දේශනයකට සවන්දෙයි

යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ඉතිහාසය සහ නවතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම්’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින පැවැති මෙම දේශනය පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙන්ම පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. latest Nike Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092