Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th July 2019 22:40:46 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් අගරපතන සහ ගිණිගත්හේන ප්‍රදේශවල සහන මෙහෙයුම්වල නිරතවෙයි

පසුගිය බ්‍රහස්පතින්දා (18) දින සන්ධ්‍යාවේ කුඩා දැරියක් තවත් ළමුන් දෙදෙනෙකු සමඟ (එක් පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු) නුවරඑළිය දිස්ත්‍රික්කයේ අගරපතන ප්‍රදේශයේ ජල මාර්ගයක් තරණය කරමින් සිටියදී ජල පහරට හසු වී ගසාගෙන ගොස් ඇති අතර 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජීවිතක්‍ෂයට පත්වූ දැරියගේ දේහය සොයාගැනීමට සහය විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අනෙකුත් මුදවාගැනීමේ කණ්ඩායම් සහ සිවිල් වැසියන්ගේ සහය ඇතිව අතුරුදහන් වූ ළමුන් සෙවීමේ මෙහෙයුම්වල නිරත විය. කෙසේ වෙතත්, අතුරුදහන් වූ පිරිමි ළමයා නිර්පද්විතව සොයා ගැනීමට සිවිල් වැසියන් සමත් වූ අතර ගැහැණු ළමයින් දෙදෙනා සොයා ගැනීමට කිසිවෙකුත් සමත් නොවීය.

අධික වර්ෂාව සහ තද සුළං සහිත කාලගුණික තත්ත්වය මේ වනවිට සබරගමුව පළාත, දකුණු හා මධ්‍යම යන පළාත්වලට දැඩි ලෙස බලපා ඇති අතර මෙම ව්‍යවසනය හේතුවෙන් ජීවිත කිහිපයක් අහිමි වී ඇත. මේ වනවිට ගංඟා කිහිපයක ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති හෙයින් සොරොව්වන් විවෘත කිරීමට ද සිදු වී ඇත.

අතුරුදන් වූ දරුවන් තිදෙනා අතරින් කුඩා දැරියකගේ මළ සිරුර සොයා ගෙන ඇති අතර ඉදිරි කටයුතු සඳහා එම දේහය පොලිසියට භාරදී ඇත.

එමෙන්ම, අද (19) දින උදෑසන ගිණිගත්හේන නගරයේ මුස්ලිම් වෙළෙන්දෙකුගේ වෙළඳ සැලක් ආසන්නයේ නාය යෑම හේතුවෙන් එම සාප්පුව පස් වලින් යට වී එම වෙළෙන්දා ජීවිතක්‍ෂයට පත් වී ඇති අතර යුද්ධ හමුදා සාමාජිකයින් එම වෙළෙන්දාගේ දේහය සොයාගැනීමට සමත්විය. Nike shoes | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp