13th November 2023 20:25:54 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත ස්වේච්ඡා ඒකකයන්හි වාර්ෂික පාලන පරීක්‍ෂාව යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ - නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ සෙසු නිලයින් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 07 සහ 08 යන දෙදින තුළ පැවැත්විණි.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙත සපැමිණි යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ - නියෝජ්‍ය සේනාවිධායක, එම මූලස්ථානයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ආර්.බී.සී.යූ රත්නමලල විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, පාලන පරීක්‍ෂාව ආරම්භවවීමට පෙර ස්වේච්ඡා බලඇණි අතර මනා පරිපාලන ක්‍රියාවලියක් සඳහා පාලන පරීක්‍ෂාවක් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් ස්වේච්ඡා ඒකකයන්හි භටපිරිස් ඇමතීය.
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත ස්වේච්ඡා ඒකකයන්හි කටයුතු වාර්ෂික පාලන පරීක්‍ෂාවට ලක්කරන ලදී.
පාලන පරීක්‍ෂාව අතරතුර, මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී, 14 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී එතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදි.
දින දෙකක් තුල සිදුකරන ලද පාලන පරීක්‍ෂාවේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී සිය කෘතවේදීත්වය පිරිනැමූහ.
පාලන පරීක්‍ෂාව සාර්ථකව සිදුකිරීමට 59, 64, සහ 68 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, පාබල බලසේනා බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අදාල ඒකකයන්හි නිලධාරීන් සිය සහයෝගය ලබාදුන්හ.