13th December 2023 21:24:01 Hours
මෑතකදී සාර්ථකව අවසන් වූ යුද්ධ හමුදා සරඹ සහ පියවර කෝදු තරඟාවලිය - 2023, වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරි 1 ඩබ්ලිව්.පී.ඩී.ආර් වීරසිංහ, ප්රධාන සරඹ උපදේශක බළලත් නිලධාරි 1 එච්.එම්.පී.ඒ හේරත් සහ සහායක සරඹ උපදේශක බළලත් නිලධාරි 11 එම්.ජී.ඊ.ආර් ලක්ප්රිය යන බළලත් නිලධාරීන් සිදුකරනු ලැබූ කාර්යභාරය යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ඇඟයීමට ලක්කරන ලදී.
මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ එම බළලත් නිළධාරීන් වෙත ඇගයීම් සමරු තිළිණ ප්රදානය කර, කෘතවේදීත්වය පලකරමින් ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරුකර ගනු ලැබූහ.