Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th October 2017 14:55:03 Hours

යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අම්පාර සටන් පුහුණු පාසලේ සම්බන්ධිකරණයෙන් රුක් රෝපණ සහ සුභසාධන ව්‍යාපෘති

68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව අම්පාර සටන් පුහුණු පාසලේ සියලු උපදේශකවරුන්, කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් එක්ව පැළ 300 ක් රෝපණය කිරිමේ වැඩසටහනක් සෙනසුරාදා (07) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබුහ.

මෙම රුක් රෝපණ උත්සවය අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.ඒ.ඩි. කහපොළ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අනතුරුව, සටන් පුහුණු පාසෙල් භට පිරිස් යුද්ධ හමුදා දිනය වෙනුවෙන් (10) දින අම්පාර ‘සරණ’ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 40 දෙනෙකු වෙත දිවා ආහාරය ලබා දෙන ලදි.

latest Running | Men’s shoes