Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2020 20:30:34 Hours

යුද්ධ හමුදා මූලස්ථානය අසල පුරන් වූ කුඹුරු වැපිරීම නැවත ආරම්භ වෙයි

අද (24) දින යුද්ධ හමුදා භටපිරිස් විසින් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි පුරන් වූ කුඹුරු හී ලියදි සකස් කිරීම හා වී වැපිරීමට ප්‍රථම සීසෑමේ කටයුතු ආරම්භ කළහ.

වන අසිරිය සහිත නාගරිකත්වය, හරිත මාර්ග, හරිත ආවරණ සහ කෘෂි වන වගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට අනුව ‘සෞභාග්‍යයේ දැක්ම’ (සමෘද්ධිය සහ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ දර්ශනය) ප්‍රතිපත්තියේ දක්වා ඇති පරිදි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘තුරු මිතුරු නව රටක්’ වන වගාව සහ නගර අලංකරණ ව්‍යාපෘතියේ දෙවන අදියර වර්ෂ 2020 ජනවාරි මස 14 දින දියත් කරන ලදී.

යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර අක්කර 12 ක පුරන් වූ කුඹුරු ප්‍රදේශයක දේශීය වී ප්‍රභේද වැපිරීම සඳහා සීසෑමේ කටයුතු පුරාන චාරිත්‍රාදිය සමඟින් ඇරඹිණි. Sports News | Nike News