Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2024 18:05:07 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව විධායක ජෙනරාල් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, නව විධායක ජෙනරාල් වශයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී සඳුදා (ජනවාරි මස 08) දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි සිදුකරනු ලැබූ මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වශයෙන් කටයුතු කරයි.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ එතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

මෙම ධූරයට පත්වීමට පෙර එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, වශයෙන් රාජකාරි හෙබවීය. උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.