Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2021 17:31:07 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව විධායක ජෙනරල් රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ 32 වන විධායක ජෙනරල් ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ අඟහරුවාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

නව විධායක ජෙනරල් සිය කාර්යාලයේදී සුබ මොහොතින් නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරී කටයුතු භාරගත්තේය. එම අවස්ථාව සඳහා විධායක ජෙනරල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.

මේජර් ජෙනරල් සංජය වනසිංහ නව විධායක ජෙනරල් ලෙස රාජකාරී භාරගැනීමට ප්‍රථම 61 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේය. මීට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් ධූරය හෙබවූ මේජර් ජෙනරල් සේන වඩුගේ දියතලාව යුද්ධ හමුදා ආඥා පුහුණු අණසක ආඥාපති ධූරයට පත්විය. Sports brands | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov