Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th November 2023 09:16:02 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසි පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.

ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසි ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මීට ප්‍රථම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසි 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවූවේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.