Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2017 17:17:13 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස අද (30) උදෑසන රාජකාරි භාර ගන්නා ලදි.

මහාසඟරුවනේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නිල ලේඛණවලට අත්සන් තබා සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වමින් නව අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික එම ධුරයේ රාජකාරි භාරගත් අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න මෙම තනතුරට පත්විමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති ලෙස කටයුතු කරන ලදි. එසේම ඔහු යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙසත් ඊට පෙර රාජකාරි කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සෙබලුන්ගේ සුබසාධනය සඳහා නව ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමෙහිලා ඔහු මුලිකත්වය දක්වා ඇත. වර්ෂ 1983 දී යුද්ධ හමුදාවට බැඳුණු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න මේ දක්වා ප්‍රධාන තනතුරු ගණනාවක් ද හොබවා ඇත.

මීට ප්‍රථම, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නව සේනාවිධායක ලෙස පත්කිරීමත් සමඟ හිස් වූ එම ධුරයට මෙසේ මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න පත් කිරිම් සිදු කරනු ලැබ ඇත.

Nike air jordan Sneakers | Sneakers Nike