Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා මුෂ්ඨී ප්‍රහාරකයින් දස්කම් දක්වයි

ශ්‍රී ලංකා ආධුනික මුෂ්ඨී ප්‍රහාර සංගමය මගින් සංවිධානය කරන ලද ‘ලේටන් කුසලාන ජාතික මුෂ්ඨි ප්‍රහාරක තරඟාවලිය - 2017’ අගෝස්තු මස 2 සිට 6 දින දක්වා කොළඹ 07 පිහිටි,රාජකීය විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වු අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක ක්‍රීඩකයින් විශීෂ්ඨ දක්ෂතා දැක්විය.

මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ 12 ක් නියෝජනය කරමින් මුෂ්ඨි ප්‍රහාරකයින් 158 දෙනෙකු සහභාගි විය.

මෙහිදි, යුද්ධ හමුදා පිරිමි මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම ශුරතාවයට හිමිකම් ලැබු අතර, බර පන්ති 10 ක් අතරින් බර පන්ති 5 ක් සඳහා අනුශුරතාවය ද අත්පත් කරගනීමින් රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් හිමි කරගත්හ.

එමෙන්ම, යුද්ධ හමුදා කාන්තා මුෂ්ඨි ප්‍රහරකයින් බර පන්ති 5 ක් යටතේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4 ක් හිමි කරගනු ලැබීය.

තරඟාවලියේ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක සංගමයේ සභාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් විසින් සිදු කරනු ලැබුහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ඔලිම්පික් මුෂ්ඨි ප්‍රහාරක ක්‍රීඩක අනුරුද්ධ රත්නායක මහතා විසින් ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ කුසලාන පිරිනමනු ලැබීය.

ජයග්‍රාහකයින් පහත සඳහන් පරිදි වේ;

ලාන්ස් කෝප්‍රල් ආර්.ඩබ්ලිව්.එම්.එස්.බි. රාජකරුණා - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය.

ලාන්ස් බොම්බඩියර් ජේ.පි.එන්.එන්. ජයවිර - 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

සැරයන් පි.කේ. සුමුදු - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.පි. ධර්මසේන - 7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් එන්.බි.ඒ.ජේ. විමුක්ති කුමාර - 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

කෝප්‍රල් අයි.බි.එන්. සමන්සිරි බණ්ඩාර - 3 වන සන්නද්ධ බුද්ධි බලකාය

කෝප්‍රල් කේ.ජි.ඒ.පි. ජයසේන - 12 වන ගජබා රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් ඒ.ආර්.බි.ඊ. තිලකරත්න - 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

ලාන්ස් කෝප්‍රල් එම්.පි.ජි.එස්.එන්. සංජිව නුවන් - 6 වන ශ්‍රී ලංකා සන්නහා සන්නද්ධ බලකාය

කෝප්‍රල් ඩබ්ලිව්.ආර්.ටි. විරක්කොඩි - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

ලාන්ස් කෝප්‍රල් බි.ආර්.එල්.එස්. සඳරුවන් කුමාර - 1 වන ඉංජිනේරු සේවා බලකාය

ලාන්ස් කෝප්‍රල් පි.එම්.එල්.එල්. චන්ද්‍ර බණ්ඩාර - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

සාමාන්‍ය සෙබල කේ.ජි.සි. පද්මසිරි - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය

ලාන්ස් කෝප්‍රල් පි.ඒ.ආර්.එස්. රූපසිංහ - 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුව

මාණ්ඩලික සැරයන් එම්.ඒ.ඩි. මල්ලවාරච්චි - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.ආර්. සඳකැලුම් - 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව

කෝප්‍රල් ජි.ඒ.එන්. පෙරේරා - 8 වන ගැමුණු හේවා බලඇණිය

කාන්තා සෙබල ඩි.එම්.එන්. සුභසිංහ - 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කාන්තා සෙබල එච්.එස්. ප්‍රියදර්ශනි - 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කාන්තා සෙබල එල්.එම්.එම්. මධුවන්ති - 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කාන්තා සෙබල එන්.ජි. බටුවිට - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

Nike shoes | Nike Shoes