Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2020 12:06:46 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා ඉංජිනේරු බළකා මූලස්ථානයේදී පරිපාලන කටයුතු පිළිබඳ පරීක්‍ෂා කරයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ජනවාරි මස 24 දින පනාගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බළකා මූලස්ථාන පරිශ්‍රයේදී එම බළකායේ සහ සියළු බළඇණිවල පාලන ගැටළු පිළිබඳ පරික්‍ෂා කරනු ලැබූ අතර ඒවාට අදාළ විසඳුම් ද සපයනු ලැබීය.

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත ප්‍රධාන දොරටුව අසලදී යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන ආචාර මුරයක් පිරනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් එම මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

මෙහිදී, සිදුකරනු ලැබූ පාලන කටයුතු පිළිබඳ පරික්‍ෂාව ඉංජිනේරු බළකා මූලස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. සියළු ඒකකයන්හී නිලධාරීන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් සමඟ සාකච්ඡා කරණු ලැබූ අතර ඔවුන් සතු පාලන ගැටළු එතුමන් වෙත ඉදිරිපත් කළහ. මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් විසින් කෙටි දේශනයකින් එම ගැටළු නිරාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂවරු කිහිප දෙනෙක්, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපතිවරුන්, මධ්‍යස්ථාන සේනාවිධායක, අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වියAsics shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News