Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 15:02:31 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන පරික්‍ෂවකට එක්වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ පාලන පරික්‍ෂාව ඉකුත් අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තුවෙහි සහ සියලු බලඇණි පාලන කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියමිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව ක්‍රියාත්මක වන බව සහතික කිරීම සහ රෙජිමේන්තුවේ අදාළ බලඇණිහි ඉතිරිව ඇති පාලන ගැටළු විසඳීම මෙම පාලන පරික්‍ෂාවේදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් විය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්. ගනේගොඩ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත පිරිනමනු ලැබූ කඳවුරු සම්මාන මූරය පසුකරගෙන යනු ලැබීය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, එම පාලන පරීක්‍ෂාව ආරම්භ කිරීමට ප්‍රථම යුද්ධ හමුදාව තුළ වෘත්තීය රෙජිමේන්තුවක් බවට පත්වීමට පාලන පරීක්‍ෂණ පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළේය.

මෙම පාලන පරික්‍ෂාව සඳහා මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිලධාරීන් රැසක් සහභාගි වූහ. Adidas footwear | Air Jordan Sneakers