Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th May 2017 12:12:56 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අර්ධවාර්ෂික සැසිය අමතයි

බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ (OCDC) අර්ධවාර්ෂික අධ්‍යයන සැසිය සඳුදා (24) දින උදෑසන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර, සැසියේ ප්‍රධාන දේශනය ද සිදු කරනු ලැබුහ.

‘වෙනස් වන ආරක්ෂක සන්දර්භයන් යටතේ ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන්හි කාර්ය භාර්ය’ (Changing Security Landscape: Role of Sri Lankan Forces) තේමා කරගත් මෙම දෙදින සමුළුව විශේෂඥ දැනුමැති සිවිල් හා හමුදා සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් ‘Existing & Emerging Threats to Peace & Stability’, ‘Sensitization & Exploitation of Religious, Ethnic & Political Issues’, ‘Technological Advancement, Dependence & Potential Threats’, ‘Geo-political Interests & the World Order’ and ‘Challenges to Sri Lankan Armed Forces in Countering Future Threats’ වැනි ප්‍රධාන අනු මාතෘකා 05 ක් යටතේ පවත්වනු ලබයි. මේ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 60 දෙනෙකු පමණ සහභාගි වේ.

සමුළුවේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුලු අනෙකුත් ආරාධිතයන් විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්විමෙන් අනතුරුව නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන විසින් සම්මන්ත්‍රණය සඳහා සහභාගිවුවන් සහ සියලුම අයවලුන් පිළිගනු ලැබීය.

පළමු දින සැසි වාරය සඳහා මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා, බ්‍රිගේඩියර් සි.එස්.එන්. මුදන්නායක (විශ්‍රාමික), නිශාන් ද මෙල් මහතා, ලසන්ත වික්‍රමසුරිය මහතා, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ මහාචාර්ය ඉම්තියාස් අහමඩ් සිය දායකත්වය දැක්වූහ.

මහාචාර්ය ශාන්ත කේ. හෙන්නායක, අශාන්ත සෙනෙවිරත්න මහතා, සනත් ද සිල්වා මහතා, මේජර් ජෙනරාල් කේ.පි.ඒ. ජයසේකර, මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ, බ්‍රිගේඩියර් ජි.වි. රවිප්‍රිය, බ්‍රිගේඩියර් එම්.ඩි.යු.වි. ගුණතිලක, කර්නල් එස්.ඒ.කුලතුංග සහ ලුතිනන් කර්නල් කේ.වි.පි ධම්මික දෙවන දිනය සඳහා සම්පත් දායකත්වය දක්වනු ලබයි.

පළමු දින සැසිවාරය අවසානයේ නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබුහ.

Adidas footwear | Autres