Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2024 17:47:56 Hours

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා බලකායේ කර්නල් ආර්.ටී ලොකුතොටහේවා යූඑස්පී පීඑස්සී, ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදක පුහුණු පාසලේ නව සේනාවිධායක වශයෙන් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 06) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.

උත්සව අවස්ථාව සඳහා එම පුහුණු පාසලේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.