Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2018 15:34:49 Hours

යුද්ධ හමුදා භට පිරිස් විසින් තඩ්ඩුවාන් රක්‍ෂිතයේ ලැව් ගින්න මැඩපවත්වයි

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තඩ්ඩුවාන් වන රක්‍ෂිතයේ ඇතිවු ලැව් ගින්න 60 කට වඩා වැඩි යුද්ධ හමුදා භට පිරිසකගේ සහභාගිත්වයෙන් අඟහරුවාදා (1) දින සන්ධ්‍යාවේදි මැඩපවත්වන ලදී.

 

64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ උපදෙස් පරිදි භට පිරිස් විසින් හානියට පත් ප්‍රදේශයේ තිබු ගස්වල අතු කපා දමමින් ගින්න පාලනය කරන ලදි.

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 26 වන ගජබා රෙජිමේන්තු සහ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් දැඩි සුළං සහිත වියළි කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවු මෙම ලැව් ගින්න පාලනය කරන ලද අතර මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් එම ක්‍රියාව ඇගයුමට ලක්කරන ලදි.

latest jordan Sneakers | Autres