Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2017 08:44:09 Hours

යුද්ධ හමුදා භට පිරිස් පශ්චාත් ආපදා සහන සේවාවන්හි තවදුරටත් නිරත වේ

යුද්ධ හමුදා භට පිරිස් ගංවතුරින් විපතට පත් මාතර, ගාල්ල, කොළඹ, කෑගල්ල සහ රත්නපුර යන ප්‍රදේශයන්හි යුද්ධ හමුදාවට අයත් ජල පොම්ප යොදා ගනිමින් ළිං පිරිසිදු කිරීම, ගලි බවුසර් යොදා ගනිමින් දුෂිත වූ ජලය බැහැර කිරීම ආදි සහන ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි.

581 බලසේනා භට පිරිස් නෙළුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් ප්‍රදේශ තුල පානීය ජල ළිං පිරිසිදු කිරීම, අවතැන්වුවන් සඳහා පිසු ආහාර ලබාදීම, වියළි සලාක පාර්සල් ලබාදීම, පාසල් පිරිසිදු කිරීම, නෙළුව ලංකාගම මාර්ගය පිළිසකර කිරීම සහ අවශ්‍යතාවය මත ගලි බවුසර් සහ අනෙකුත් බර යන්ත්‍රෝපකරණ ලබාදුනි.

5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා භට පිරිස් ගාල්ල ප්‍රදේශයේ ද, 3 (ස්වේච්ඡා) සහ 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකා භට පිරිස් මාතර නගරය, පඹුරණ, වරකන්දෙණිය සහ නෙළුව යන ප්‍රදේශයන්හි ද විවිධ පශ්චාත් ආපදා වැඩසටහන්වල නිරත විය.

583 බලසේනා භට පිරිස් රත්නපුර ප්‍රදේශයේ කුරුවිට, අයගම, කදන්ගොඩ සහ කලවාන යන ප්‍රදේශයන්හි පානීය ජල ළිං පිරිසිදු කිරීම ඇතුලු අත්‍යාවශ්‍ය සහන කටයුතු සිදු කළහ.

එමෙන්ම, 8 වන ගැමුණු හේවා බලකාය, 5 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, යුද්ධ හමුදා සේවා බලකාය සහ ඉංජිනේරු සේවා බලකාය රත්නපුර ප්‍රදේශයේ පශ්චාත් ආපදා සහන සේවා කටයුතුවල නිරත වේ.

තවද 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් පාහියන්ගල, බුලත්සිංහල, කුකුලේගඟ, කලවාන, යටියන, බුස්ස සහ කහදූව යන ප්‍රදේශයන්හි අවතැන් වූ ජනතාව වෙනුවෙන් ජංගම වෛද්‍ය සායන පැවැත්විය.

යුද්ධ හමුදාව විසින් සිකුරාදා (09) දින වන විට බොට්ටු, යුනි බෆල්, ජල බවුසර්, ගිලන්රථ, භට පිරිස් ප්‍රවාහන රථ, බිටිආර් රථ, අයන් හොර්ස්, ජල පොම්ප සහ අනෙකුත් බර යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් මාතර, රත්නපුර සහ කළුතර යන ප්‍රදේශයන්හි සහන කටයුතුවල නිරතව සිටියි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් යුද්ධ හමුදා භට පිරිස් පශ්චාත් ආපදා සහන සේවාවන්හි දී සිදු කරනු ලබන කාර්ය භාර්යයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් අදාල දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආපදා කළමණාකරන මධ්‍යස්ථාන සහ අනෙකුත් ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය සහයෝගය දක්වන ලෙස අණදෙන නිලධාරීන් හට උපදෙස් ලබාදුන්හ.

යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්තාවන්ට අනුව බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 142 වන බලසේනාව කොළඹ දිස්ත්‍රික්කයේ ද, 581 බලසේනාව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ද, 582 බලසේනාව කළුතර දිස්ත්‍රික්කයේ සහ 583 බලසේනාව කෑගල්ල දිස්ත්‍රික්කයේ ද ආපදා සහන සේවා කටයුතුවල නිරත වෙමින් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි තුන්කන්දරහේන, තුන්මෝදර රජමහා විහාරය සහ ධම්බොර මධ්‍ය විද්‍යාලය, ගාල්ල ප්‍රදේශයේ පිහිටි මහගොඩ කන්ද ඉසිපතනාරාමය, මාතර ප්‍රදේශයේ පිහිටි පල්ලේගම විහාරස්ථානය, මාතර මධ්‍ය මහා විද්‍යාලය, රාහුල විද්‍යාලය සහ කිතුලේගල, කළුතර වීරකන්ද කනිෂ්ඨ විද්‍යාලය, කෑගල්ල එලවුල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය යන ස්ථානයන්හි තාවකාලිකව රැඳි සිටින අවතැන් ජනතාව වෙත පිසූ ආහාර ලබාදීම, හදිසි වෛද්‍ය සේවාවන් සැපයීම වැනි සහන සේවාවන් සිදු කළහ.

Nike air jordan Sneakers | Hats to Match Jordans Hyper Royal Bulls Hat