24th October 2023 10:36:10 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථාන - බටහිර හා හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් සම්බන්ධීකරණයෙන් ‘ෆොන්ටෙරා සමාගමේ’ අනුග්‍රාහකත්වය ඇතිව කොලොන්නාව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී තෝරාගත් පවුල් 216 ක් වෙත කිරිපිටි පාර්සල් 432 ක් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 18) දින බෙදාදෙන ලදී.
වැඩසටහන සඳහා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, ෆොන්ටෙරා සමාගමේ සහකාර අධ්‍යක්‍ෂ, 144 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, පරිපාලන නිලධාරීන් සහ ප්‍රථිලාභී පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.