Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2023 21:20:04 Hours

යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් ලග්ගල - මොරගහකන්ද ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය යළි යථා තත්ත්වයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලග්ගල - මොරගහකන්ද ප්‍රධාන මාර්ගයේ 40 කණුව ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල කරමින් වැටී තිබූ විශාල ගසක් ඉවත් කිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයට අයත් 111 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් නොවැම්බර් මස 18 දින කටයුතු කළහ.

11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 111 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ රාජ්‍ය බලධාරීන්ගේ සහයෝගය මත කෙටි කාලසීමාවක් තුළ මෙම ව්‍යාපෘතිය නිමකරමින් රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්කරනු ලැබූහ.