Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2024 20:06:24 Hours

යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත ගංජා තොගයක් අත්අඩංගුවට ගනී

යුද්ධ හමුදා බුද්ධි බලකාය විසින් සපයන ලද තොරතුරකට අනුව ගෝනගංආර පොලිස් ස්ථානය විසින් යාල රක්‍ෂිත ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 220 ප්‍රමාණයක් පසුගිය ඉරිදා (ජනවාරි මස 21) දින අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ගංජා තොගය එම ස්ථානයේදීම විනාශ කර ඇති අතර, ගෝනගංආර පොලිස් ස්ථානය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.