Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2023 19:19:32 Hours

යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව්. විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී යුද්ධ හමුදා මූලස්ථානයේදී බ්‍රස්පතින්දා (දෙසැම්බර් මස 07) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය (ආචාර්ය) අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් එතුමන් ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව එම නාහිමිපාණන් වෙත ‘අටපිරිකර’ පූජා කරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ධූරය හෙබවූවේය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් කේ.ඒ.යු කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පි පිඑස්සී අයිජි 12 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.