Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2017 18:42:13 Hours

යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් ජාතික වොලිබෝල් ශුරතාවලියේ අවසන් මහා තරඟයට

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය සහ ක්‍රිඩා අමාත්‍යාංශය එක්ව මන්චි බිස්කට් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන ජාතික වොලිබෝල් ශුරතාවලිය - 2017, මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දි සෙනසුරාදා (18) දින සන්ද්‍යාවේදි පැවැත්විමට නියමිතය.

අවසන් මහා තරඟයට කණ්ඩායම් තෝරා ගැනිමේ සුපර් ලීග් වටයෙන් ජයගත් යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් සමඟින් ලංකා විදුලි බල මණ්ඩල පිරිමි කණ්ඩායමත්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමත් සෙනසුරාදා (18) දින පවත්වනු ලබන අවසන් තරඟ සඳහා සුදුසුකම් ලබා ඇත.

සුපර් ලීග් තරඟ වටයේ දී කාන්තා අංශයෙන් යුද්ධ හමුදා ක්‍රිඩා සමාජය ලකුණු 2 - 0 ක් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම අභිබවා ජය ලබා ගත් අතර පිරිමි අංශයෙන් යුද්ධ හමුදා ක්‍රිඩා සමාජය ලකුණු 3 - 0 ක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම අභිබවමින් අර්ධ අවසන් තරඟයෙදී ජය අත් කර ගත්හ.

Nike air jordan Sneakers | Sneakers Nike Shoes