16th December 2023 08:30:51 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පසුගියදා ධූරයේ රාජකාරී භාරගන්නා ලද මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසුව සිය ප්‍රථම නිල සංචාරය තම මව් රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින සිදුකරනු ලැබීය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් සී කළුතරආරච්චි විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. එහිදී එතුමන් සියලු නිලධාරීන් අමතා, යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පැමිණි ගමන් මඟ වෙනුවෙන් සහයෝගය ලබාදුන් සියලුම ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත සිය කෘතවේදීත්වය පළ කළේය.
නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී නිලධාරී නිවස්නයේදී සමූහ ඡායාරූපයක් සඳහාද එක් වූ අතර, එහිදී එම නිලධාරීන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ. උත්සව කටයුතු සමාප්තියේදී එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් එක් වූහ.
මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවෙන් බිහිවූ යුද්ධ හමුදාවේ 4 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වෙයි. කඳවුරු පරිශ්‍රෙයන් නික්ම යාමට පෙර එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් එතුමන් වෙත සුබ පැතුම් පිරිනැමූහ.