Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2017 19:52:13 Hours

යුද්ධ හමුදා, නාවික හා ගුවන් හමුදා භට පිරිස් ගංවතුරෙන් විපතට පත්වුවන් බේරාගැනීමේ සහ සහන කටයුතු වල

(මාධ්‍ය නිවේදනය)

අධික වර්ෂාව හේතුවෙන් මැයි මස 25 රාත්‍රී ඇතිවු ගංවතුරෙන් විපතට පත්වුවන් බේරාගැනීම සහ සහන කටයුතුවල ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ දහස් ගණනක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් හා ප්‍රදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධිකරණයෙන් යුතුව මේ වන විට අඛණ්ඩව කටයුතු කරමින් සිටිති.

යුද්ධ හමුදා භට පිරිස් නාවික හමුදාවේ සහන කණ්ඩායම් 13 ක් සහ ගුවන් හමුදා පිරික්සුම් කණ්ඩායම් සමඟ සිකුරාදා සන්ධ්‍යාව වනවිට ද පාහියන්ගල, පාලින්දනුවර, බුලත්සිංහල, කලවාන, වැල්ලම්පිටිය, පාදුක්ක, නෙළුව, මොරවක, කඹුරුපිටිය, වීරකැටිය, බෙලිඅත්ත, දෙයියන්දර, තවලම, මුලටියන, වලස්මුල්ල, රත්නපුර, එල්ලාවල, පරකඩුව, බදුවත්ත, පිටකන්ද, දෙහිඕවිට පාර, අරංගොඩකන්ද, ඇහැලියගොඩ ඇතුළු ප්‍රදේශ රාශීයක සහන කටයුතුවල නිරතව සිටිති.

ජලයෙන් සම්පුර්ණයෙන්ම පාහේ යටවී ඇති ප්‍රදේශවල පිරිස් බේරාගැනීම සඳහා 58 වන සේනාංකයේ හා 14 සේනාංකයේ සේවය කරන ඒකක 12 කට අයත් කොමාන්ඩෝ භට පිරිස් සමඟ යුද්ධ හමුදා භට පිරිස් 1000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට විපතට පත් ප්‍රදේශවල සහන සපයන අතර ගුවන් හමුදාව මේ සඳහා පුර්ණ සහය ලබාදි ඇත. එමෙන්ම අධික නායයෑම්වලට ලක්ව ඇති ඇහැලියගොඩ අරංගොඩ කන්ද ප්‍රදේශයේ, බදුවත්ත, පිටකන්ද, ප්‍රදේශයේ සහ තවත් ස්ථාන කිහිපයකම යුද්ධ හමුදා භට පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් සහ සහන කටයුතු ඉටුකරමින් සිටින අතර මේ වනවිට හමුදා සාමාජිකයන් අවතැන් වු 2000 කට ආසන්න පිරිසක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් මත තාවකාලික පොදු ගොඩනැගිලි හා වෙනත් ස්ථාන වෙත රැගෙනගොස් ඇති අතර එම කටයුතු ද අඛණ්ඩව සිදු කරමින් පවතී.

සිකුරාදා (26) පෙරවරු වනවිට යුද්ධ හමුදා BTR සන්නද්ධ රථ 06 ක් සමගින් නිලධාරීන් 05 දෙනෙක් සහ සෙබළුන් 80 ක් දැඩිහානි සිදුව ඇති බුලත්සිංහල ප්‍රදේශයේ සහන කටයුතු සඳහා යොමුකර ඇති අතර මේ වනවිට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 06 ක් නිරීක්ෂණ හා බේරාගැනීම් කටයුතු සඳහා යොදවා ඇත.

ගතවු පැය 72 ක කාලය තුලදි ගංවතුර මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් විපතට පත්වුවන් වෙනුවෙන් බේරාගැනීම් සහ සහන කටයුතුවලට අදාල අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාට උපදෙස් ලබාදුන් අතර ඒ අනුව ආරක්ෂක සේනා මුලස්ථාන - බටහිර, 58 සේනාංකය සහ 14 සේනාංකයට අයත් හමුදා භට පිරිස් මෙම කටයුතු සඳහා යොදවා ඇත.

මීට අමතරව කළු ගගේ, කැළණි ගගේ, ගිං ගගේ ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වාර්තා කර ඇති බැවින් අමතර භට පිරිස් තවදුරටත් ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ කරා යොමුකරමින් පවතී. (නිමාව)

Sport media | GOLF NIKE SHOES