Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th July 2019 17:24:57 Hours

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරාල් ජේ.ආර්. අම්පෙමොහොට්ටි වෙත සිය රෙජිමේන්තු මූලස්ථානයේ ගෞරවාචාරය පිරිනමයි

වසර 34 කට අධික ආදර්ශවත් සේවා කාලයක් සම්පුර්ණ කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් ජේ.ආර්. අම්පෙමොහොට්ටි, ඉකුත් අඟහරුවාදා (23) දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි විශ්‍රාමයාමට නියමිත මේජර් ජෙනරාල් අම්පෙමොහොට්ටි, ශ්‍රී ලංකා පාබල හමුදා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩි.ඒ.කේ. දිසානායක විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. එමෙන්ම, ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්ගෙන් සැදුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එතුමන් පුෂ්පෝපහාර පුදකරන ලදී.

සිය රෙජිමේන්තුවේ භටපිරිස් ඇමතූ එතුමන් මව්බිම ආරක්‍ෂා කිරීම සඳහා කරන ලද මෙහෙයුම්වලදී දිවිපිදු සහ ආබාධිත වූ විරෝදාර රණවිරුවන්ට සිය උපහාරය පුදකරන ලදී. ඉන් අනතුරුව, සමුහ ඡායාරූපයකට පෙනිසිටි එතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ අනෙකුත් නිලධාරීන් රැසක් සහභාගි වූහ.

වර්ෂ 1985 ජූනි මස 6 වන දින කෙඩෙට් නිලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ මේජර් ජෙනරාල් අම්පෙමොහොට්ටි, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාලයේ දී වර්ෂ 1986 අප්‍රේල් මස 25 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්විය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති බොහෝ හමුදා මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව දායකත්වය දැක්වූ අතර වර්ෂ 1990 දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් ස්ථීරවම ආබාධිත තත්ත්වයට පත්විය. එතුමන්ගේ නිර්භීතකම අගය කරමින් එතුමන් වෙත රණ ශූර පදක්කම (RSP) ද හිමිගැන්විය.

යුද්ධ හමුදා දිවිය තුළදී, මානුෂීය මෙහෙයුම් හා මානුෂීයවාදී නීති අධ්‍යක්‍ෂ ඇතුළු උපදේශක, අණදීමේ සහ මාණ්ඩලික තනතුරු රැසක් ද එතුමන් හොබවා ඇත.

දක්‍ෂ ක්‍රීඩකයෙකු ලෙස එතුමන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා සහභාගි වූ අතර රණවිරු රියල් ස්ටාර් තරඟාවලියේ සිව්වන ස්ථානය හිමිකරගැනිමට ද එතුමන් සමත්විය. latest Nike release | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD