Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th March 2020 16:10:40 Hours

යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ වෙත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවාචාර

තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරමින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපති මෙන්ම බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ වෙනුවෙන් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් ඉරිදා (09) දින සමුගැනිමේ උත්සවයක් මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සිය රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ එම රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න මෙම අවස්ථාවට එක්වූ සියලුම ඒකකවල ප්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් සමඟ එක්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව පැවැති එම සමුගැනීමේ උත්සවයේදී යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ වෙත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් අනතුරුව එම රෙජිමේන්තු සරඹ භූමීයේදී රෙජිමේන්තු හස්තිරාජයාගේ ගෞරවාචාර සමගින් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය වෙත පූෂ්පෝපහාර පුද කළේය.

ඉන් අනතුරුව ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ප්‍රවීණයෙකු වන නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගීවීමෙන් පසු සියළු නිලයින් අමතමින් සිය අතීත මතකයන්ගෙන් බිදක් සිහිපත් කරමින් සියළු නිලයන්ට සිය ස්තූතිය පුද කළේය. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් මූලස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරිම ද එතුමන් අතින් සිදු විය.

නික්ම යන මේජර් ජෙනරාල් මහින්ද මුදලිගෙ සහ එම මැතිනිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් විසින් පවත්වනු ලැබු ‘විශේෂ රාත්‍රි සාදයක්‘ සමගින් එදින වැඩසටහන නිමාවට පත්විය.

එම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරාල් මුදලිගේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර සහ එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කමිටු සාමාජිකයන් ඇතුළු රෙජිමේන්තු සේනාවිධායක කර්නල් අනුර දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. short url link | Nike Shoes