Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2017 19:21:18 Hours

යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් ආගමික වැඩසටහන්

68 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද පතා කලාඔය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් අඟහරුවාදා (10) දින විජය බෝධිරාජාරාම විහාරස්ථානයේ දී සහ ශාන්ත මරියා දේවස්ථානයේ දී වෙන් වෙන් වශයෙන් ආගමික වැඩසටහන් පවත්වන ලදි.

යුද්ධ හමුදා දින (10) පෙරවරු 9.00 සිට පැවති බෞද්ධ ආගමික වතාවත් සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ, එම පුහුණු පාසලේ උපදේශකයින්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ පාඨමාලා ලාභීන් ද සහභාගි වූහ.

එමෙන්ම, යුද්ධ හමුදා සංවත්සරයට සෙත් පතා පැවැත් වූ කතෝලික දේව මෙහෙය පෙරවරු 11.00 ට ආරම්භ විය.

තවද, මෙම ආගමික වතාවත් වලින් අනතුරුව සිවිල් වැසියන්ගේ සහයෝගය ද ඇතිව සියලුදෙනාගේම සහභාගීත්වයෙන් විහාරස්ථානය හා දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු ද සිදු කළහ.

latest Nike release | Nike Air Force 1 , Sneakers , Ietp STORE