Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2024 19:31:36 Hours

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී 2024 ජනවාරි මස 18 දින රත්මලාන ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේදී ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත් අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.