Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th January 2024 19:27:21 Hours

යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් වෙනුවෙන් පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව වෙතින් යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් වෙනුවෙන් ජනවාරි මස 10 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී එක්දින පුහුණු වැඩසටහනක් පැවැත්වීය.

මෙම පුහුණු වැඩසටහන මාස්ටර් සුම්නර් ඩෙරෙක් ඇලන් (Master Sumner Derek Alan) ප්‍රමුඛ එංගලන්තයේ ටයිකොන්ඩෝ උපදේශකවරුන් කණ්ඩායම විසින් මෙහෙයවන ලදී.

යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගි වූහ.