Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ක්‍රීඩකයින් තායිලන්තයේ රෝදපුටු ටෙනිස් තරඟාවලියේ දී දස්කම් දක්වයි

තායිලන්තයේ පසුගියදා පැවති රෝදපුටු ටෙනිස් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්.ඒ.එල්.එස්. රණවීර විසින් විවෘත ඒකල තරඟයේ සම ශූරතාවයත් විවෘත යුගල තරඟයේ දී තුන්වන ස්ථානයත් හිමිකරගනු ලැබීය.

තවද, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ලාන්ස් බෝම්බඩියර් ඩී.ඒ.එස්.ආර්. ධර්මසේන විසින් විවෘත යුගල තරඟයේ තුන්වන ස්ථානය ද හිමිකර ගත් අතර, විවෘත ඒකල තරඟයේ අර්ධ අවසන් වටයට ද ඔහු සුදුසුකම් ලැබීය.

යුද්ධ හමුදා ටෙනිස් කමිටුව පවසන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයකු විවෘත තරඟ ඉසව්වක දී ශූරතාවය හිමිකරගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ජයග්‍රාහි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නුදුරේ දී මැලේසියාවේ පැවැත්වෙන විවෘත රෝදපුටු තරඟාවලිය සඳහා ද සහභාගිවීමට නියමිතය.

latest Running Sneakers | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ