Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2017 15:04:55 Hours

යුද්ධ හමුදා ඉංජිනේරුවන් ඉදිකළ බෝගස්වැව පාසලේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 2 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් වව්නියාව පිහිටි බෝගස්වැව විද්‍යාලයේ අවශ්‍යතාවයක්ව පැවති නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකළ අතර, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්.කුලතුංග සමඟින් වව්නියාව අතිරේක දිසා ලේකම් ටි. නිරේෂ් කුමාර්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, රාජ්‍ය නිලධාරීන් මෙන්ම අනෙකුත් ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් බ්‍රහස්පතින්දා (06) දින පෙරවරු 10.30 ට යෙදුණු සුභ මොහොතින් විවෘත කරන ලදි.

මෙම නව පාසල් ගොඩනැගිල්ල සඳහා අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් මිලියන 24.8 ක මුදලක් වැය කර ඇති අතර, යුද්ධ හමුදා භට පිරිස් විසින් ඒ සඳහා තාක්ෂණික හා ඉදිකිරිම් සහාය ලබාදෙමින් රජයට අමතර මුදලක් ඉතිරි කර දී ඇත. 56 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලය විසින් මෙම විවෘත කිරිමේ උත්සවය සංවිධානය කළහ.

තවද වෛද්‍ය මෛත්‍රී වීරසිංහගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් එම විද්‍යාල භූමියේ නවතමයෙන් ඉදිකළ බුදු මැදුර ද විවෘත කළ අතර, බෝගස්වැව විද්‍යාලයේ සිසුන් සඳහා සමන්ති පැල්පොල මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් පාසල් උපකරණ තොගයක්, ලිපිද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍යතාවයන් ලබාදෙනු ලැබීය.

56 වන සේනාංකයේ සේනාංකාධිපති, 563 වන බලසේනාවේ බලසේනාධිපති, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සහ 56 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විදුහල්පති, ගුරුවරුන්, සිසුන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Sports brands | adidas Yeezy Boost 700 , Ietp